ශ්රී ලංකා වරාය අධිකාරිය එක් දිනක් තුළ ඉතිහාසයේ ඉහළම බහාලුම් මෙහෙයුම වාර්තා කිරිමට පසුගිය 10 දා සමත්ව තිබේ. ඒ අනව එදින බහාලුම් 10477ක් මෙසේ මෙහෙවා තිබේ. කොළඹ වරාය තුළ පර්යන්ත අතර මෙහෙයුම් සඳහා වන තරගකාරිත්වය වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මෙම වාර්තාව පිහිටුවීමට හැකිවූ බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වෙයි.