වරාය සම්බන්ධව ගිවිසුම් අත්සන් කිරීමේදී වරායට වැඩි වාසියක් අත්කරගත හැකි පරිදි එම කටයුතු සිදුකරන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.
සේවකයන්ගේ ශක්තියෙන් ගොඩනැගුණු වරාය අගතියට පත්කිරීමට තමාත්, නියෝජ්‍ය ඇමතිවරයාත් කිසිවිටෙකත් කටයුතු නොකරන බවද ඔහු පැවැසීය.
හම්බන්තොට වරායේ පිහිටීම ඉතා වැදගත් වුවද එහි ණය බරත් සමග විශාල ප්‍රශ්න රාශියක් පැනනැගී ඇති බවත්, දැනට හම්බන්තොට වරායේ ණය හා පොළිය ගෙවීම කොළඹ වරායෙන් ලබන ලාභයෙන් සිදුකරන බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17දා) මහපොළ අභ්‍යාසලාභී උත්සවයකට සහභාගි වෙමිනි.