පසුගිය ආණ්ඩුවල සේම වර්තමාන ආණ්ඩුව තුළත් හොරු සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනාවක් එල්ල වී තිබුණත් තවමත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත්, මේ නිසා ඒ පිළිබඳව දැන්ම අදහස් දැක්වීමට සුදුසු නොවන බවද පවසා සිටියේය.
එහෙත් පොදුවේ සෑම ආණ්ඩුවකම සේම වර්තමාන ආණ්ඩුවෙත් හොරු සිටින බවත්, හොරුන්ට දඬුවම් කිරීම අධිකරණය විසින් සිදුකරන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.