ඛනිජ තෙල් වර්ජනයේදී සිවිල් ජනතාව එයට එරෙහිව නැගීසිටි ආකාරයට වර්ජනවලදී ජනතාව නැගීසිටිය යුතු බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ජාතික ප්‍රතිපත්තිවලට අභියෝග කරමින්, ජන ජීවිතය අඩාලකරමින් විවිධ වර්ජන ක්‍රියා සිදුකරන බවත්, මෙයට එරෙහිව ආණ්ඩුව ගෙන යන්නේ ලිහිල් ප්‍රතිපත්තියක් බවද හෙතෙම පවසා සිටියේය.
ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳ වැරදියට සිතා කටයුතු කරමින් සිටින බවත්, මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.