සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන වැඩවර්ජනය සාර්ථකව සිදුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ සිදුවූවා කියා සංගමයට සතුටක් නොමැති බවත් එහෙත් රටේ අනාගතයම සුරක්ෂිත කිරීම සඳහා අද දවසේදී මේ ආකාරයට යම් යම් අපහසුතාවන්ට පත්වීමට සිදුවිය හැකි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන තෙක් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ කිසිදු ක්‍රියාමාර්ගයක් ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග නොවන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
ජනතාව ගැන සලකා අත්‍යවශ්‍ය සේවා සහ වෛද්‍ය සේවා පැවැත්විය යුතු රෝහල්වල අඛණ්ඩව එම සේවා ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් අද ආරම්භ කළ වැඩවර්ජනය හෙට (22දා) උදේ 08.00 අවසන් කරන බවද ලේකම්වරයා පවසා සිටියේය.
එහෙත් සයිටම් අහෝසි කරනතුරු ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කර තිබෙන නිසා ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවද වෛද්‍ය අලුත්ගේ මහතා අවධාරණය කළේය.