වයඹ ළමුන් 4700ක් ලකුණු 160ට වඩා අරගෙන
වයඹ පළාතේ සිසු දරුවන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වාර්තාවක් තබා ඇති බවත්, ලකුණු 160ට වඩා ලබාගත් සිසු සිසුවියන් 4700ක් සිටින බවත් හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා අද (05දා) වෙන්නප්පුවේදී පැවසීය.
මෙවැනි වාර්තාවක් වයඹ පළාතේ කිසිදු දිනක වාර්තාවී නොමැති අතර, ප්‍රාථමික අංශ දරුවන් වෙනුවෙන් තමන් වයඹ පළාතේ අධ්‍යාපන ඇමති ධුරය බාරගත් පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක කළ විධිමත් අධ්‍යාපන ක්රමයේ ප්‍රතිඵලයක් ලෙස සිසුන් මේ ආකාරයෙන් සමත්වී සිටින බවත් ඒ මහතා එහිදී පැවසීය.
මෙම ඉහළ ප්‍රතිඵලය දිවයිනේම හොඳම ප්‍රතිඵලය වියහැකි බවත්, මේ සඳහා කැපවුණ කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන බවත්, වයඹ පළාත අධ්‍යාපනයෙන් ඉහළින් තබන්නට වෙහෙස වූ දරුවන්ට ස්තූතිය පළකරන බවත් හිටපු වයඹ පළාත් අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


