වඳුරඹදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ මගීන් 15ක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
වඳුරඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ඇඟළුම් සේවකයන් පිරිසක් රැගත් බස් රථයක් හා ගාල්ල දෙස සිට මාපලගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථ්යක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත.
තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. බස් රථ දෙකෙහි රියදුරන් වඳුරඹ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.