ශ්‍රී ලංකාවේ ප්‍රතිශතය වනාන්තර 29% සිට 32% දක්වා වැඩි කිරීමට ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මහවැලි අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවක් අමතමිනි.
වන සංරක්ෂණ ක්ෂේත්රය යටතේ කරුණු 08 ක් හඳුනාගනිමින් මූලික වශයෙන් අප රටේ වනාන්තර වැඩිදියුණු කිරීමට දැනට තිබෙන 29% වනාන්තර 32% දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් ගණනාවක් හඳුනාගෙන ඇති බවත්, ඉඩම් හඳුනාගැනීමේ සිට වනාන්තර වැඩිදියුණු කිරීම දක්වා සියලු කාරණා ඉදිරියේදී සාකච්ඡා කරන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.