අම්බලන්තොට, දෙහිගහලන්ද ප්රදේශයට පෙරේදා (27දා) රාත්රියේ පැමිණ සිටි වනඅලියෙකු හේතුවෙන් ප්ර‘දේශවාසීහු දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටියහ.
තම ප්රදේශයට මීට පෙර වනඅලින් නොපැමිණ තිබීම හේතුවෙන් තමන් දැඩි නොසන්සුන්තාවට පත්වූ බව ප්ර‘දේශවාසීහු ප්රකාශ කරති.
හම්බන්තොට ප්රදේශයේ සිදුවන මහා පරිමාණ වන විනාශය හේතුවෙන් වනඅලින්ගේ නිජබිම් අහිමි වී අලමංකඩ හෙළිකිරීම වනඅලින් මේ අයුරින් ගම්වැදීමට හේතුවන බව ඔවුහු පෙන්වා දෙති.
ගම්වැදී සිටි වනඅලියා පළවා හැරීමට හම්බන්තොට, කලමැටිය යන වනජීවී කාර්යාල නිලධාරීහු පැමිණ සිටි අතර, දහවල් කාලයේ ජනතාව ගැවසෙන බැවින් වනඅලියා එළවීම හරහා ඔවුන්ට අනතුරක් සිදුවිය හැකි බැවින් රාත්රී කාලයේදී මෙහෙයුම සිදුකරන බව ඔවුහු පැවසූහ.