ලෝක තෙත්බිම් දිනය අදයි
ලෝක තෙත්බිම් දිනය අදට(02දා) යෙදී තිබේ. ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් (WETLANDS FOR DISASTER RISK REDUCTION) මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ.
ජෛව විද්‍යාත්මකව, පරිසර විද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන තෙත්බිම් පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා ශ්‍රීලංකාවද පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියාකරයි.
වර්තමානයේ තෙත්බිම් පරිසර පද්ධතිය සඳහා තර්ජන එල්ලවී ඇති බැවින් තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් බවට පත්ව තිබේ.
මෙවර ලෝක තෙත්බිම් දිනය සැමරීම අද(02දා) බත්තරමුල්ල, වොටර්ස් එජ්හිදී පෙ.ව. 9.30ට සිදුකිරීමට නියමිතය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ලෝක තෙත්බිම් දිනය සැමරීම සිදුකෙරේ. මෙහිදී විජය පුවත්පත් සමාගමේ 'විජය' ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති චිත්‍ර හා ප්‍රහේළිකා තරගයේ ත්‍යාග ලබාදීමද සිදුකෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
