ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ලෝකයේම තෙවැනි තැනට පත්ව ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්යය රංග කලංසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කැනඩාවේ නිතිය හා ප්රජාතන්ත්රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් මෙම ශ්‍රේණිගත කිරීම කර ඇති අතර එය ලෝකයේ තොරතුරු දැන ගැනීමේ නීතින් ශ්‍රේණිගත කරන ආයතන බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පනතට මුලින්ම ලෝකයේ තෙවැනි ස්ථානය හිමිව තිබුණ අතර පසුව එය 9 වැනි ස්ථානයට පත්විය. කෙසේ වෙතත් පනත ගැසට් කිරීමේදි ප්‍රකාශයට පත්කරන ලද නිති හා රෙගුලාසි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට ලබාදුන් ලකුණු ප්‍රමාණය 10කින් ඉහළ නංවා තිබේ.
ශ්‍රේණිගත කිරිමේදි ලංකාවට ඉදිරියෙන් සිටින්නේ මෙක්සිකෝව හා සර්බියාවයි. තොරතුරු දැන ගැනීමේ නීතිය පසුගිය 3දා සිට ක්‍රියත්මක වෙයි.