පොල්ලෙලි රැගෙන ඒම සඳහා මාදම්පේ සිට හොරණ ප්ර‘දේශයට ගමන් කළ ට්රක් රථයක් අද (22දා) උදෑසන 4.00 ට පමණ පන්නල - කුලියාපිටිය ප්රධාන මාර්ගයේ අලබඩගම ප්රදේශයේ ඉදිකෙරෙන පාලම මතවූ මාර්ගයෙන් ඉවතට පැන කඩාගෙන යෑම නිසා ට්රක්රථයට දැඩි හානි සිදුව ඇති බව පන්නල පොලීසිය පවසයි.
ඉදිකෙරන පාලමේ ආරක්ෂිත වැටක් නොමැති නිසා මාර්ගය පැහැදිලිව නොපෙනී යාමෙන් මෙම අනතුර සිදුවූ බව ට්රක් රථයේ රියදුරු පොලීසියට පවසා තිබේ. එහි ගමන් කළ සහායකයන් දෙදෙනා සුළු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පවසයි.
පන්නල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජූඩ් පෙරේරා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පන්නල - හේමා රාජපක්ෂ