තමන් ලොතරැයි අලෙවියෙන් අද (16දා) සිට සම්පූර්ණයෙන් ඉවත් වන බව ලොතරැයි අලෙවි සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.
සමස්ත ලංකා ලොතරැයි අලෙවි සංගමයේ නියෝජිතයන් විසින් ලොතරැයියක මිල නැවත රුපියල් 20 දක්වා සංශෝධනය කරන ලෙස ඉල්ලා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමග අද (16දා) පැවති සාකච්ඡාව අසාර්ථකවීමත් සමග මෙම තීරණයට එළඹි බවද ඒ මහතා පවසා සිටයේය.