ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රුපියල 30 දක්වා ඉහළ දැමිමට විරෝධය දක්වමින් ලොතරැයි පත් විකිණීමෙන් ඉවත්ව සිටීමට තමන් ගත් ක්රියාමාර්ගය අති සාර්ථක බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය සඳහන් කරයි.
අද (01දා) සිට මෙම ක්රියාමාර්ගය දියත් කරන බවත් මේ අනුව 4800ක් පමණ වන අලෙවි නියෝජිතයන්ගෙන් 4775ක් වෘත්තීය ක්රියාමාර්ගයකට එක්ව සිටින බවත් එම සංගමය පවසයි.
මෙවර අයවැයෙන් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවිමට යෝජනා කළේය.
ඡායාරූප - ගීතාංජලි ප්රියදර්ශනි