විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහල දෙස සිට ලිප්ටන් වටරවුමින් ටවුන්හෝල් හරහා විහාරමහාදේවි උද්‍යානය දක්වා ඇති මාර්ගය හා නෙළුම්පොකුණ දෙස සිට 138 මාර්ගය ඔස්සේ විහාරමහාදේවි උද්‍යානය දෙසට පිවිසෙන මාර්ගයන් මේ වන විට වාහන ගමනයට අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් මහ ජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය සඳහන් කරයි.