ලන්ච්ෂීට් , ෂොපින්බෑග්, රිජිෆෝම් ඇසුරුම් භාවිතය සැප් 01 සිට තහනම්
ලන්ච්ෂීට්, ෂොපින්බෑග් සහ රිජිෆෝම් ඇසුරුම් භාවිතය පමණක් සැප්තැම්බර් 01 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම්වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ අජිත් වීරසුන්දර මහතා පැවසීය.
එමෙන්ම පොලිතින්, ප්ලාස්ටික් පරිසරයට නිරාවරණය වන සේ පිළිස්සීමද තහනම් වන බවත්, මේසියල්ල සඳහා වන රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් වීරසුන්දර මහතා පැවසුවේ අද(17දා) බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී පැවැති වැඩමුළුවකදීය.
එමෙන්ම කාර්යාල තුළ ලන්ච් ෂීට් භාවිතය තහනම් වන අතර, සියලුම කාර්යාල සේවකයන් සඳහා කෑම පෙට්ටි හඳුන්වාදීම සිදුකරන බවද ඔහු කීය.
ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට කාර්යාල තුළින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කළ යුතු වන අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු කාර්යාල සේවකයන් මෙය සාර්ථක කරගැනීමට සහාය වන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

