ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් ඒක්ව සිදුකරන වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.
අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් සේවය අතහැර ගියා සේ සලකා ඔවුන්ට අද පස්වරුවේ ලිපි නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් ඉතා ඉක්මණින් බඳවා ගැනීමට නියමිතය.
රංජන් කස්තුරි