ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත අපනයනය කළ තේ තොගයක කුරුමිණි විශේෂයක් හමුවීමත් සමග රුසියාව විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් තේ ඇතුළු කෘෂි කාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම නවත්වා ඇත.
එළැඹෙන සඳුදා (18දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ. එම තේ තොගයේ ඛාප්රා නම් කුරුමිණි විශේෂය හමුව තිබේ.
රුසියාවට තේ අපනයනය කරන ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරට වෙළඳපොළේ හිමිව ඇති කොටස 23%කි.
විෂය භාර අමාත්‍යාංශය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම තේ තොගය සහිත බහාලුම මීට පෙර ධානය ප්‍රවාහනය කිරීමට යොදාගෙන අති බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත්ය.
මෙම කුරුමිණි විශේෂය සහල් ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කරන ස්ථාවල සිටින බව පැවසේ.
මෙම ගැටලුව විසඳා ගැනිම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉතාමත් ඉක්මනින්ම රුසියාවේ සංචාරයකට එක්වමට නියමිත බව සඳහන් වෙයි.
මේ වසරේ මාස 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ තොගය ටොන් 141300ක් වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 436කි.
රුසියානු තේ හා කෝෆි සංගමය රුසියානු රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම නැවතත් ආරම්භ කරන ලෙසත් එහිදී ශ්‍රී ලංකාවට දඩි කොන්දේසි පනවන ලෙසත්ය.