සියයට සියයක් විදුලියනය කළ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ලංකාගම ග්‍රාමයේ නිවාස 300කට විදුලිය ලබාදෙමින් 'රටම එළියයි - අඳුර දුරලයි' ජාතික ව්‍යාපෘතියට සමගාමීව විදුලිය ඉල්ලුම් කළ දෙලක්ෂ හැත්තෑපන්දහසක පාරිභෝගිකයන්ට එම සබඳතා ලබාදෙමින් සමස්ත දිවයිනේම විදුලියනය ප්‍රතිශතය 100%ක් බවට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.