රූපවාහිනියේ ඉල්ලීම නිශ්ප්‍රභයි
ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (07දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම මෝසම ජාතික රූපවාහිනියට සම්බන්ධ නීතිඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවයි.
තමන් ඇතුළු නීතිඥයන් පිරිසක් ඉකුත් ජනවාරි 05 වැනිදා කඩුවෙල දිසා අධිකරණයෙන් ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය වන බව කරුණු පෙන්වා ලබාගත් වාරණ නියෝගය ජනවාරි 05 දින සිට ජනවාරි 19 දින දක්වා බලපැවැත්වෙන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී යන මාධ්‍ය අයාතන කොළඹ සිවිල් අභියාචනා අධිකරණයට අද (07දා) දහවල් ඉදිරිපත් කළ අභියාචනයද නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

