අධිකරණ නියෝගයක් මත ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට සිගරට් පැකට්ටුවේ සඳහන් කළ යුතු රූපමය අවවාද ප්රදර්ශනය කර තිබේද යන්න සොයාබලන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථාන වෙත මේ වනවිට නියෝග නිකුත්කර තිබේ.
සිගරට් පැකට්ටුවේ 60% ක ප්රමාණයට රූපමය අවවාද ප්රදර්ශනය කළ යුතු බවට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එම නීතිය ජනවාරි 01 වැනිදා සිට ක්රියාත්මක වේ.
මේ නිසා ජනවාරි පළමුවැනිදා සිට ඒ පිළිබඳව සොයාබලන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙන අතර, නීතිය ක්රියාත්මක නොකරන සමාගම්වලට එරෙහිව සහ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව පෙබරවාරි මාසයේ සිට නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජනවාරි පළමුවැනිදා සිට නීතිය ක්රියාත්මක වුවද මාසයක සහන කාලයක් ලබා දී තිබෙන්නේ මේ වසරේදී හෝ පසුගිය වසරවලදී නිෂ්පාදනය කර තිබෙන නිෂ්පාදන අවසන් කරගැනීමේ කාලයක් වශයෙනි.