රුසියාවෙන් හමුවූ කෘමියා ශ්‍රී ලංකාවේ නෑ
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ බහලුමක තිබී හමුවූ කෘමියා ශ්‍රී ලංකාවේ තේ වගාවේ හෝ වෙනත් කෘෂි වගාවක මෙතෙක් වාර්තාවී නොමැති කෘමියෙක් බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.බී. ගවරම්මාන මහතා පවසයි. එහෙයින් ලංකාවේ තේ ගොවියා හෝ සෙසු බෝග වගාකරුවන් ඒ සම්බන්ධව බියක් ඇතිකරගත යුතු නොමැති බවත් ඔහු ඊයේ (18දා) පැවසීය.
ශ්‍රී ලංකාවේ සිට රුසියාවට අපනයන කරන ලද තේ තොගයක් ඇතුළත් බහලුමක තිබී “කප්රා බීට්ල්” (ප්රගෝඩමා ගානේරියන්) නැමති කෘමියාගේ සුහුඹුලකු හමුවීමේ සිද්ධියත් සමග රුසියානු රජය මගින් ශ්‍රී ලංකාවේ තේ හා සියලු කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම තාවකාලිකව තහනම් තිබේ.
“සත්‍ය තත්වය නම් කප්රා බීට්ල් නමින් ඇති එසේත් නැතිනම් ප්රගෝඩමා ගානේරියන් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂයක, සුහුඹුළකු ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහලුමක තිබී හමුවීම තමයි සිදුවෙලා තිබෙන්නේ. එසේත් නැතිනම් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේවල හෝ තේ අසුරා තිබූ අදාළ ඇසුරුම්වල නොවේ මේ සුහුඹුලා හමුවෙලා තිබෙන්නේ.
මෙම කප්රා බීට්ල් කියන කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෝ තේ වගාවේ වගේම වෙනත් කිසිම වගාවක වාර්තා වී නොමැති කෘමි විශේෂයක්. එම නිසා මෙම කප්රා බීට්ල් නැමති කෘමි විශේෂය අදාළ බහලුම්වල තිබී හසු වුණේ කොහොමද කියන එක අපටත් අපේ පර්යේෂකයින්ටත් යම්කිසි ගැටළු සහගත තත්වයක්. ඒ එක්කම මේ කප්රා බීට්ල් කියන කෘමි විශේෂය රුසියාව ඇතුලු වෙනත් රටවල සිටින බවට වාර්තා වෙනවා. මෙම කෘමි විශේෂය බහුලව ඉන්නේ තිරිඟු, වී, එසේත් නැතිනම් ධාන්‍ය වගා ආශ්‍රිතවත් එම ධාන්‍ය ගබඩා කරන ස්ථානවල තමයි ඒ රටවල්වල බොහෝවිට වාර්තා වන්නේ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


