ඇන්ටනෝව් යානය කඩාවැටීම පිළිබඳ පරීක්ෂණ සඳහා ගුවන් හමුදාවට අවශ්‍ය වුවහොත් පමණක් මෙරටට පැමිණි රුසියානු විශේෂඥ කණ්ඩායමෙන් සහාය ලබාගන්නා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
'අද' කළ විමසීමකදී ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, අද (14දා) දින පස්වරුවේ මෙරටට පැමිණි රුසියානු ගුවන්යානා පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ගුවන් හමුදාවට අවශ්‍ය වුවහොත් පමණක් ලබාගන්නා බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම ගුවන්යානය අනතුරට ලක්වීම පිළිබඳව ගුවන් හමුදාව සිදුකරන්නේ ස්වාධීන පරීක්ෂණයක් බව පැවසූ ඒ මහතා, රුසියානු විශේෂඥ කණ්ඩායම මෙරටට පැමිණියේ මෙම අනතුර සැලවීම සම්බන්ධයෙන් වෙනම කරුණු අධ්‍යයනය කිරීමට බවද පැවසුවේය.