රුපියල් 92000ක ව්‍යාජ නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් අනූදෙදහසක ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 18ක් සහ ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු දෙකක් සමග අද (08දා) කාන්තාවක අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාර කාන්තාව වෑන් රථයකින් පැමිණ කරවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ලබාදුන් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් පිළිබඳ සැකසිතී වෙළෙඳ සැලේ හිමිකරු කලවාන පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබේ.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇය සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයාගෙන ඇත.
ඇය සන්තකයේ තිබූ සියලු මුදල් නෝට්ටුවල එකම අංකයක් සඳහන්ව තිබූ බවත්, සැකකාරිය සමග 06 හැවිරිදි දැරියක් වෑන් රථයේ ගමන් කර ඇති බවත් පොලීසිය පැවසීය.
සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අජිත්ලාල් ශාන්තඋදය/පැල්මඩුල්ල - ඒ.ශාන්ත/කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර/ ආර්.ඒ. පියසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


