ඩෙංගු රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් පැය 02 ක් තුළ නිකුත් නොකරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නොවන බ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට ඊයේ (21දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඇතැම් පෞද්ගලික රෝහල් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය 02 කට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුණ පැමිණිලි මත අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජයේ රෝහලකට පැමිණ නොමිලයේ පූර්ණ රුධිර පරීක්ෂණ සිදුකර ගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ රෝහල්වල පැයක් තුළ පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ලබාදෙන අතර, කොළඹ ජාතික රෝහලේ විනාඩි 10 ක් තුළ රුධිර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරයි.