යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදු වූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව A සාමාර්ථ 9ක් ලබාගෙන තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා සිදු වූ යතුරුපැදි අනතුරකින් කොනේස්වරන් ගාරුසන් නැමති මෙම සිසුවා මියගොස් ඇති බවට කොඩිකාමම් පොලීසිය ප්‍රකාශ කළේය.
යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි සිසුවාගේ විභාග ප්‍රතිඵල විශිෂ්ට අයුරින් පැවතීම හේතුවෙන් ඔහුගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් මෙන්ම ගම්මානයම ඉතා ශෝකාකූලව සිටින බවට කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.