රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට සූදානම් කොට ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ ලබන මැයි මස සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
විභාග අක්‍රමිකතා වැළැක්වීම සහ කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම නව වැඩපිළිවෙළ යටතේ අයදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි වන බව පවසන ජගත් චන්ද්‍රසිරි මහතා මුල් අදියරේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදී මෙම ක්‍රමය ආරම්භ කරන බවද පැවසීය.