බංකොලොත් දේශපාලන කුමන්ත්රණකරුවන්ට හසු නොවී රැහේ ප්‍රශ්න විසඳා ගැනීමට තම පක්ෂයට හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අද (02 දා) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ක්‍රියාශීලී සක්‍රීය අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර, රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී අගමැතිවරයෙක් කෙසේවුවද පඹයෙකුවත් සොයා ගැනීමට නොසිටි බවයි.