රැස්වීම් නිදහසේ කරන්න දෙන්නේ නෑ - පාඨලී
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ කාර්යාලයක් හෝ රැස්වීමක් නිදහසේ පැවැත්වීමට නොහැකි අයුරින් බලපෑම් ඇති වන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
කොළඹ 05 පිහිටි පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
“අපේ පාක්ෂිකයින්ට දැඩි මානසික පීඩනයක් ඇති කරමින් පවතිනවා. කටවුට් සංග්‍රාමයක් ඇති කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාර ව්‍යාපාර මගින් ජනතාව බියවද්දා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ ජනතාවට තමන් කැමති අපේක්ෂකයෙකු වෙනුවෙන් සහය පළකරන්න, ඉදිරිපත්වෙලා කටයුතු කරන්න තිබෙන ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමය අවහිර වෙලා.
මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළත් බලය දෙන්නෑ කියලා කතාවක් පැතිරෙනවා. මේ කටයුතු කරන්නේ මධ්‍යස්ථ ජනතාව පසුබට කිරීමේ බලාපොරොත්තුවක් එක්ක. ඔවුන්ටත් බිය සැක නැති හෙටක් ලබා දී යුතුයි. ඉතිහාසයේ සාමකාමි මැතිවරණයක් වන්නට තිබෙන මේ මැතිවරණය බිය සැක ඇති වෙලා නීතිය වල් වැදුනු තත්වයට පත්වෙලා. “ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

