රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පත්කළ කමිටුව පුස්සක් වී තිබෙන බවත්, මේ නිසා එයට එරෙහිව හෙට (11දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී අදාළ කමිටුවට පත්කළ බවත්, එහෙත් එම කමිටුව හරහා කිසිදු රැකියා විරහිත උපාධිධාරියෙකුට රැකියා ලබාදී නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා පසුගිය වසර වනවිට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 32,000 ප්රමාණය මේ වනවිට 40,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඒ හිමියෝ සඳහන් කර සිටියහ.