රාත්‍රී සමාජ ශාලාවට පහරදුන් අය ගැන විමල්ගේ හෙළිදරව්ව
කොළඹ යුනියන් ප්‍ර‘දේශයේ රාත්‍රී සමාජ ශාලාවකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මරදාන, කොම්පඤ්ඤවිදීය හෝ කුරුඳුවත්ත පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. සෙනසුරාදා (08දා) අලුයම 02.00 ට පමණ පැමිණි පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමක් නිසා සමාජ ශාලාවේ වීදුරුවට අලාභ හානි සිදු වී සමාජ ශාලාවේ ආරක්ෂකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ඔහු ඊයේ (09දා) දහවල් 12.00 ට රෝහලින් නික්ම ගිය බව කොළඹ ජාතික රෝහලේ නිලධාරියෙක් සඳහන් කළේය. මේ පිළිබඳ පොලීසියට පැමිණිලි ලැබී තිබේද යන්න විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සමාජ ශාලාවට සිදුකළ පහරදීමක් පිළිබඳ පොලීසියට පැමිණිලි ලැබී නොමැති බවයි.
මේ අතර, රත්නපුරයේ දී පෙරේදා (09දා) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ දහම් සිරිසේන මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවය.
ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජිප් රථයකින් ඔවුන් අදාළ රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් ඇති බවද කී මන්ත්‍රීවරයා තමාගේ ප්‍රකාශය හැකිනම් මාධ්‍ය ඔස්සේ පළකරන ලෙසට මාධ්‍යයට ද අභියෝගයක් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

