දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු රජයට පවරාගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට පත් කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය දේශපාලන නිරුවත පෙන්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ එම පුද්ගලයා අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයෙකු හෝ වරලත් ගණකාධිකාරවරයෙකු බව පෙන්වමින් සිය තීරණය සාධාරණීකරණය කිරීමටද අමාත්‍යවරයා උත්සාහයක් ගන්නා බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පවතින මත ගැටුම ප්‍රතිපත්ති මත පදනම්ව ඇති ගැටුමක් බවද එම සංගමය පවසයි.