මේ වසරේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් දිවයිනේ සියලු රාජ්‍ය ආයතන ලබන 24 වනදින පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සියලු කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන්, පළාත් ප්රධානඅමාත්යවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව එම ආයතන පිරිසුදුව තබාගැනීම එම ආයතන විසින්ම සිදු කළ යුතු අතර ලබන 25, 26 සහ ,27 යන දිනයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අදාළ ආයතන පරීක්ෂා කිරීම සිදුකරනු ලැබේ.
විශේෂයෙන් මේ වසරේ ගතවූ දින 17ක කාලය තුළ ඩෙංගු ආසාදිත පුද්ගලයන් 1311වාර්තා වී ඇත.