සිංහල හා දමිළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස සඳහන් වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
වත්මන් ව්‍යවස්ථාවේදී 18.1 ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ලෙස සටහන් වෙන අතර 18.2 කියැවෙන්නේ දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය යනුවෙනි.
කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය තවමත් අවසානයක් නොමැති කරුණක් බවට පත්ව ඇති හෙයින් තම යෝජනාව සශෝධනක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. සිය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබේ.
