රාජ්‍ය නිලධාරීන් සුදුසු අවස්ථාවකදී හැර යුරෝපීය ඇදුමෙන් සැරසී සිටීම අත්‍යවශ්‍ය නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. එසේම රාජ්‍ය නිලධාරීන්ට යුරෝපීය ඇඳුම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකාවේ ජනපතිවරයෙකු නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමට තමන් කටයුතු කරන බවත් කොළඹදී පැවැති උත්සවයකදී ජනපතිවරයා අද (09දා) සඳහන් කළේය.
"චක්‍රලේඛය නිකුත් වුණ හැටිත් මම දන්නවා.මේ රටේ ජනාධිපතිවරයෙක් තමයි ඔය චක්‍රලේඛය නිකුත් කළේ. මම ගිය අවුරුද්දේ පොළොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට සහභාගිවෙන්න යනකොට රෑ 11ට විතර ඇති. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා පිරිත් අහනවා රෑ 11ට විතර ටයි එකක් දාගෙන. මම ඇහුවා 'පිරිත් නේද? ටයි එක ඕනද?' කියලා.මම හිතන්නේ පිරිත් ඇහුවත් එතුමාටත් ඔය චක්‍රලේඛය වෙන්න ඇති බලපාලා ඇත්තේ. අපිට රටක තියෙන පාරිසරික තත්ත්වයන්, කාලගුණික හා දේශගුණික තත්ත්වයන් අනුව තමා අපේ ඇඳුම සකස්කර ගන්න ඕන.
ජනපතිවරයෙක් නිකුත් කළ චක්‍රලේඛයක් නිසා ඒක වෙනස් කරන්න පුළුවන් ජනපතිවරයෙකුටම නිසා මම පැහැදිලි ප්‍රකාශයක් කරනවා සුදුසු අත්‍යවශ්‍ය වේලාවට අපේ රාජ්‍ය නිලධාරීන් ටයි දාලා කෝට් එක දාගෙන ආවට කමක් නෑ. කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසා ටයි කොට් අඳින්නේ නැතිව හිටියට ඒකේ වැරැද්දක් නෑ කියලා මම බොහොම පැහැදිලිව කියනවා." යැයි ඔහු පැවැසීය.