රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර නිදොස් කොට නිදහස්
සුඛෝපභෝගී මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන වංචා කළ බවට චෝදනා ලබා සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියම කළේය.
පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුවට පාදක වූ සිද්ධිය සමථයකට පත්වූ බව එහි පැමිණිලි පාර්ශ්වය දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දී ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා නඩු කටයුතු අවසන් කරමින් එලෙස නියම කළේය.
2002 මාර්තු මස 22වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාදිවෙලදී සුඛෝපභෝගී මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වූ පරිදි මෝටර් රථය පවරා නොදී එම මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


