රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 245ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟත්වය පළකර තිබේ.
රජයේ නිලධාරීන්ට ජපානයේ උසස් අධ්‍යාපන ආයතනයන් හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනයට අනුග්‍රහය ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ. ඊට අමතරව, මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉහළ දායකත්වයක් ලබාගැනීම මෙන්ම ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම වැඩසටහනින් අපේක්ෂිත සෙසු අරමුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.