මෙතෙක් කල් හංගාගෙන සිටි මෛත්රීපාල සිරිසේන මහතා අද ඉඟි කළේය. ඒ යහපාලන රජයේ පළමු සංවත්සරය අමතමින් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්රීඩාංගනයේ දී අද(19දා) පැවති අලුත් රටක් එක ගමනක් හමුවේදීය. සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා එතකොට ඒ ගොල්ලන්ට සිදු වන්නේ පාරේ ඇවිද ඇවිද සිටීම තමයි. අපේ කට්ටියට මම කියන්නෙත් හොරකම් කරන්න එපා. හොරකම් කරන්න දෙන්නෙත් නෑ. හොරකම් කරල අහුවුනොත් අරගොල්ලන්ට වඩා දඬුවම් දෙනවා දෙනවාමයි.“
“සමහරු හීන දකිනවා අළුත් ආණ්ඩුවක් හදන්න. ඒක නම් හැබෑ වෙන්නේ නෑ. සම්මුති ආණ්ඩුව අවුරුදු 5 ම කරගෙන යාම ස්ථීරයි. 2020 න් පස්සේ ආණ්ඩු කරන්නේ කවුද කියලා බලමු.. ඒ ගොල්ලන්ට ඉන්න වෙන්නේ පාරේ ඇවිද ඇවිද ආණ්ඩුවක් ගන්න නම් බැහැ.“ යැයි ද ජනපති කීවේය