මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ආසියා - පැසිෆික් කලාපයේ මුදල් අමාත්‍යවරයා ලෙස 'ද බෑන්කර්' සඟරාව විසින් නම් කර තිබෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ වෙළඳ ශේෂ හිඟය පියවීමට ලබාදීමට නියමිත වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ප්‍රමාණය ලබාගැනිමට හැකිවිම ඔහු මෙසේ නම් කිරිමට හේතුව වී තිබේ.
මැදපෙරදිග මුදල් ඇමති ලෙස කුවේට්හි අනාස් අල් සලේ, අප්‍රිකාවේ මුදල් ඇමති ලෙස දකුණු අප්‍රිකාවේ ප්‍රවීන් ගෝර්ධාන් හා යුරෝපයේ මුදල් ඇමති ලෙස ලැට්වියාවේ මුදල් ඇමතිනී ඩෑනා රියෙන්සිත් පත්ව තිබේ.