තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ.
එසේනොකරන්නේනම් විශ්වාසභංගයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කරන බවද හෙතෙම අගමැතිවරයාට දැනුම්දී ඇතැයිවාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අද (03දා) සාකච්ඡා කර තීරණයක් ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇතැයිද එජාපයේ ආරංචි මාර්ග %අද^ට ව්ර්තා කරයි.
විශ්වාසභංගය සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඊයේ(02ද) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවත්, එක්සත් ජාතික පක්ෂජ්යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත එය අද දිනය දක්වා කල් දමා ඇති බවත් 'අද'ට වාර්තාවේ.