දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්රශ්න කරමින් සිටියි.
නඩරාජා මන්ත්රීවරයා හා පොලිස් නිලධාරියෙක් 2006 වසරේදී කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගත් අය අතර වෙති.