වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ සිද්ධිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
පසුගිය 20දා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැගිල්ල ඉදිරිපිට රයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එහිදී පොලීසිය සුදු වෑන් රථයකින් පැමිණ සිසුවා පැහැර ගැනීමට උත්සාහ කළ බව සිවිල් සංවිධාන චෝදනා කරයි.
පොලිස්පතිවරයා වාර්තාවක් ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපල වලට හානි කිරීමට අදාලව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද රයන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබදව සහ එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කල ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරායට නියෝග කර තිබේ.