වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් සිසුවා අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද (20දා) කොළඹ ඕ.පී.ඒ (විද්වත් වෘත්තිකයන්ගේ සංගමය) ශාලාව ඉදිරිපිටදී උත්සාහ කිරීමත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය. සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් මෙහිදී අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීය. පොලීසිය සිවිල් ඇඳුමින් සැරීසී පැමිණ රයන්ව පැහැර ගැනීමට උත්සාහ කළ බවට මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයින් පොලීසියට චෝදනා කරන්නට විය.