රන්ජන් අඳින්නේ අත් කපපු හැට්ට - දයාසිරි
“මම ඒ කාලයෙත් රන්ජන් රාමනායකට කතාකරලා කිව්වා , විජය කුමාරතුංග ඔයාගේ මාමා. ඔයා එයාගේ පුතෙක්නේ. එයා වගේ ලස්සනට නැෂනල් එක අඳින්න කියලා . ඒත් අඳින්නෙ අත් කපපු හැට්ට” යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, ඊයේ (15 දා) කතරගම නගරයේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරක රැලියකට එක්වෙමිනි.
“දැන් නළුවෙක් ඇවිදින් ඉන්නවා. හැට්ටයක් ඇඳගෙන ඉන්නෙ එයා. රන් ගොන්ජා හෙවත් ගොන් රන්ජා. එයා මට කියලා තිබුණා මම පපු කන්නා කියලා. මම සාමාන්‍යයෙන් පිරිමින්ගේ පපු කන්නෙත් නෑ. කාන්තාවන්ගේ පපු කන්නෙත් නෑ.
මේ කතාව කියන්නෙ කවුද? මේ රටේ සිනමාව කාපු ගොන් රන්ජා. ඔබතුමාලා දන්නවා මේ රටේ රන්ජන් රාමනායක හැදුවොත් හදන්නෙ පාලිමන්ට් ජෝක්ස්, රන්ජා, වන් ෂොට් වගේ කුණුහරුප. ඒ නිසා දේශපාලනය කරන්න පුළුවන් හොඳ නළු-නිළියෝ ටිකක් ළංකරගන්නවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයට හොඳයි” යැයි ජයසේකර මහතා පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

