පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ වංක දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට අධිකරණය උපයෝගී කරගැනීම නිසා රටේම දේශපාලන අස්ථාවරභාවයක් හටගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (27ද) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
පළාත් පාලන ආයතන ගැසට්පත්‍රයේ පළාත් පාලන ආයතන 202ක මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර, ඉතිරි පළාත් පාලන ආයතන 133න් 40ක ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමට අමාත්‍යාංශය මෙතෙක් ක්‍රියාකර නොමැති බවටද දිසානායක මහතා චෝදනා කළේය.
එම පළාත් පාලන ආයතන 40හි මුද්‍රණ දෝෂ නිවැරදි කර මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන අමාත්‍යවරයාට යොමුකර ඇති අතර, එය මේ වන විට ජනාධිපතිවරයාට යොමුකර ඇති බවද, ජනාධිපතිවරයා විදෙස්ගත වීමට ප්‍රථම එයට අත්සන් යෙදිය යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.