තමන් මෝල්ටා රටට ගියේ නිසි අවසරයක් ඇතිව බවත් මැතිවරණාය පිළිබඳ නිකුත් කළ ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසාල් මුස්තාපා මහතා පවසයි.
අමාත්‍යවරයා අද (27දා) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.
“ප්‍රශ්නයක් අහලා තිබුණා, පිටරට ගියේ ඇයි කියලා. මොල්ටාවේ පළාත් පාලන සමුළුව තිබුණා. ශ්‍රී ලංකාවට අයදුම්පත ලබාදෙන්න තිබුණා. ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ. රටින් පන්නේ නෑ. රටේ නායකයාගේ අවසරය ලබාගත්තා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ද සඳහන් කළා.
ඡන්දය පිළිබඳ ගැසට් පත්‍රය සකස් කිරීමේ දී සියලු පක්ෂ දැනුවත් කළා. ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ. සත්භාවයෙන් ක්‍රියා කළේ. ජනතා අධිකරණයට යන්න ලැස්තියි. වංචනිකව ගැසට් පත්‍රයක් හදලා නෑ . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩුවට කිසිදු සම්බන්ධයක් නෑ”