පැපුවා නිව්ගිනියාවේ මැනූස් දූපතේදී නොබෝදා මියගිය රජීව් රාජේන්ද්‍රන් නමැති ද්‍රවිඩ ජාතික ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය ශ්‍රී ලංකාවට ගෙනඒම සඳහා ඔස්ට්‍රේලියානු රජය මුදල් ඉල්ලා ඇති බව හැඟී යන පරිදි පළ කර ඇති මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
රාජේන්ද්‍රන්ගේ පවුලේ කිසිවෙකුත් මහ කොමසාරිස් කාර්යාලයද ඇතුළුව ඔස්ට්‍රේලියානු රජය වෙත මෙතෙක් සම්බන්ධ වී නොමැති අතර, මෘත දේහය ගෙනඒම සඳහා මූල්‍යාධාර ඉල්ලීමක් කර නොමැති බවද මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම, රාජේන්ද්‍රන් මියගොස් ඇත්තේ පැපුවා නිව්ගිනියාවේදී බැවින් දේහය ගෙන්වා ගැනීම පිළිබඳ කටයුතු පැපුවා නිව්ගිනියානු රජයට අදාළ කාර්යයක් බවද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.