රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් දෙසැම්බර් 27 දා දක්වා වසා තැබීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
එම සරසවියේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය වසා දමා ඇත.
පසුගිය දින කිහිපය පුරාවට සරසවියේ සිසුන් 200ක් පමණ මෙම වෛරස් උණ රෝගයට ගොදුරු වී ඇත.
සිසුන්ට අද සවස 4.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් පිටව යන ලෙසට දන්වා ඇත.