රජයේ රෝගීන්ට පෞද්ගලික රුධිර පරීක්ෂණය තහනම්
රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම අද (01දා) සිට තහනම් වෙයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයක් අනුව මෙය ක්‍රියාතමක වෙයි.
සියළුම රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ඊයේ (31දා) දිනය වනවිට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්යක්ෂවරයාට එරෙහිව විනය ක්රීයාමාර්ග ගැනීමට නියමිත බවත් ඒ පිළිබඳව රසායානාගාර පහසුකම් ඇති සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

