යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 08ක් ගොනු කර ඇත.
මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ, මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී ඇතැම් සංශෝධන සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක් මගින් මහජනතාව විසින්ද අනුමත කළයුතු බවට අධිකරණයෙන් ප්රකාශනයක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සම් ගොනු කළ පෙත්සම්කරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයාසිරි, නීතිඥ උදය ගම්මන්පිල, එල්.පී.අයි. පෙරේරා, දර්ශන වීරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, එස්. වනිගසේකර, පූජ්‍ය මාතර ආනන්ද හිමි සහ ඩී. වේරදුවගේ යන පිරිසයි.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීම, ආණ්ඩුවේ බලතල අඩු කිරීම ආදී කාරණා මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කර ඇත. මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අප්‍රේල් (02දා) සලකා බැලීමට නියමිතය.